E-Bill ( බිලක් නැතුව බිලක් දෙමු) – සිංහල

E bill බිලක් නැතුව බිලක් දෙමුද ? #

වර්තමානයේ රටේ තිබෙන ගැටලුවකට විසදුමක් විදියට StoreMate භාවිත කරන ඔබගේ billing පිරිවැය අඩු කරගන්න විදියක් අපි අද කතා කරමු.

මේ option එකෙන් වෙන්නේ අපි customerට දෙන physical බිල් එක වෙනුවට E බිල් එකක් ලබා දීමයි. මෙම option එක ආකර දෙකකට අපිට කරන්න පුළුවන්

  1. Email මගින්
  2. SMS මගින්

Email මගින් e- bill එකක් යවන්නේ මෙහෙමයි #

Configure the email  #

  • මුලින්ම email configure කරගන්න ඕන

Settings –> Business settings –> Email setting
මෙතන්න් Use system email configurations or manual email configurations එකක් ඔබට සිදු කරගැනීමට හැක.

ඔබට පහසු ලෙස Use system email configurations option එක ඔබට භාවිතා කල හැක. මෙහිදී email එක inbox වන නම ඔබගේ business නම ලෙස වෙනස් කරගැනීමට හැක.

Create EMAIL Content #

  • දැන් ඔයාගේ බිල් එක customerට යන email එකේ content එක හදාගමු.

Notification Templates –> Customer Notification –> New sale

මෙතැනින් ඔබට අවශ්‍ය පරිදි ඔබගේ email එකේ content එක හදාගන්න පුළුවන්.Content එක හදද්දී invoice url tag එක භාවිතා කිරීමෙන් customerට invoice එක ඒ ආකාරයෙන්ම view කරගැනීමට හැකියාව ලැබේ.

ඉන්පසු Auto Send Email option එක enable කරලා save කරන්න

Send Bill via Email  #

  • දැන් හරි දැන් customerට POS එකෙන් බිල් එකක් දානකොටම email එකක් ඔයාගේ customerගේ email address එකට send වෙනවා( customer software එකට add කරද්දී email address එක add කර තිබිය යුතුයි.

SMS මගින් E-bill එකක් යවන්නේ මෙහෙමයි #

Connect the gateway #

  • මුලින්ම SMS gateway එකක් ගන්න වෙනවා ඔයාලට. ඊට පස්සේ අපිට පුළුවන් configuration එක කරන්න මෙහෙම
    Settings -> Business settings -> SMS setting

Connect Now we can create SMS Content  #

  • දැන් අපට පුළුවන් SMS Content එක හදාගන්න

Notification Templates –> Customer Notification –> New sale

මෙතැනින් ඔබට අවශ්‍ය පරිදි ඔබගේ SMS එකේ content එක හදාගන්න පුළුවන්.Content එක හදද්දී invoice url tag එක භාවිතා කිරීමෙන් customerට invoice එක ඒ ආකාරයෙන්ම view කරගැනීමට හැකියාව ලැබේ.

ඉන්පසු Auto Send Email option එක enable කරලා save කරන්න

Send Bill via SMS #

  • දැන් හරි දැන් customerට POS එකෙන් බිල් එකක් දානකොටම SMS එකක් ඔයාගේ customerගේ mobile number එකට send වෙනවා( customer software එකට add කරද්දී mobile number එක add කර තිබිය යුතුයි.

Powered by BetterDocs